ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14 වන දින ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළි  කසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින්, ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2024 ඔක්තෝබර්  මස 14 වන දින දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩායමක්  යොදවා  අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැලැක්වීමට හැකි විය.

WhatsApp Group

Skip to content