ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, ත්‍රිකුණාමලය සමුද්‍රගම ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 08 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සමඟ නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය සමුද්‍රගම ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු තාවකාලික කුටියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම කුටිය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු, අලෙවි කිරීම සඳහා කුඩා ඇසුරුම් ලෙස සකස් කල හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයකට (06) අධික ප්‍රමාණයක් සහිත කුඩා ඇසුරුම් සමඟ මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content