තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
අද උදෑසන නිකුත්කළ එම නිවේදනය හෙට උදෑසන 8.00 දක්වා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ඊයේ දින පස්වරු . 11.30 වන විටත් උතුරු අක්ෂාංශ 11.8 සහ නාගෙනහිරිට අක්ෂාංශ 84.0 ආසන්නයේ කේන්ද්‍රගත වී පැවති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

එය බටහිරට බරව-වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දින උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ ආසන්න දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වනු ඇති.

WhatsApp Group

Skip to content