නාල්ල ,මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වනවා.

අද අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්..
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ පුත්‍රයා බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරු ඝාතනයට ලක්වූ පවුලේ ක්චාති පුත්‍රයකු වන අතර නාල්ල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් 40 හැවිරිදි සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අද අලුයම පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබී මුදල් සහ රන් අභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

පසුව ඔහු පොලිසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content