පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර , මාතර සහ කළුතර දිස්ත්‍රික් සදහායි.

අපහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් තුනක පන්දහසකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කළේ පවුල් 1275ක පුද්ගලයින් 5051ක් පීඩාවට පත්ව ඇති බවයි.

,මේ අතර දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි .

https://www.vnews.lk/storage/2023/10/SUGEESHWARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content