දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

අද පස්වරු 3 දක්වා එම නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

ඒ අනුව හම්බන්තොට, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සදහා මෙම නායයාමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

මේ අතර හාලිඇල, උඩුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  විමසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන් දමන බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කලා.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද ඉහල ගොස් ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content