පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 07ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පුහුවැල්ල , වැලිගම , මාතර , අකුරැස්ස ප්‍රදේශවලට ද පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මාතර, වැලිපිටිය , හක්මන ප්‍රදේශවලට එම නිවේදනය බලාත්මක වනු ඇති.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සහ හෙට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

නායයාම් අනතුරු ඇගවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content