පවතින වැසි කාලගුණය සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අවධානම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවධානම බලාත්මකයි.

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content