නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා .

නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම ජනතාවට පීඩා නොවන ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය නොවන ලෙසත් ක්‍රියා කරන මෙන් සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,

එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද ප්‍රකාශ කළේ,සියලු දෙනා මෙම මැතිවරණය සාමකාමීව පවත්වා ගැනීමට සහය දක්වන ලෙසයි .

ඔහු පැවසුවේ රථ පෙළපාලි මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන ආකාරයේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වැදගත් බව යි .

https://www.vnews.lk/storage/2023/01/MATHIWARANA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content