ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීම ආරම්භ කෙරුනා.

ඒ අනුව අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් තැන්පත් කල යුතුයි.

අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් , ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

WhatsApp Group

Skip to content