ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියරයේ ඇති බව වාර්තා වනවා .

ඒ අනුව පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා .

එමෙන්ම හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මහලේකම් ධූරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්ත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමට තීරණය කල බවයි.

අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටද එහිදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම ජාතික ජනබලවේගය ගාල්ල, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඊයේ නාමයෝජනා අත්සන් තැබුණා.

මේ අතර සමගි ජන බලවේගයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතුද පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ දී සිදු කෙරුණා.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content