නුවරඑලිය සිට බලංගොඩ දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත කුඩා ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත කුඩා ළමයෙකු සහ තවත් එක් අයෙක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසුුුවා.

අධික බැවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි ලොරි රථය මාර්ගයෙන් පිටතට පැන කන්දක ගැටි පෙරලි අනතුර සිදු වි ඇත.

මෙම අනතුර ඊයේ (21) දින රාත්‍රි 11.30 ට පමණ  සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ අනතුරෙන් තුවාල ලබා සිටි පිරිස රෝහල් ගත කිරිමට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ සිටි විදේශිකයන් පිරිසක්ද සහයෝගය දැක්වුුුවා.

අනතුරෙන් ලොරි රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණා.

 

WhatsApp Group

Skip to content