රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවයි.

නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.

මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද රේගු මාධ්‍ය ප්‍රකාශක ජනතාවගෙන් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content