මහ වැසි හේතුවෙන් දින හයක්   වසා  දමා ඇති  නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

හැමිටන් ඇලේ පිරී  පවතින ජලජ ශාක හා  දිරාපත්ව ඇති  විශාල ප්‍රමාණයේ ගස්වල කඩා වැටී ඇති අතු ඉවත් කිරීමට  මීට පෙර කටයුතු නොකිරීම මීට ප්‍රධාන හේතුව බව ජනතාව පෙන්වා දෙති.

වසර   ගණනාවක් තිස්සේ මෙසේ ජලජ ශාකවලින්  හා විශාල ප්‍රමාණයේ ගස්වල අතු කඩා වැටී ඒවා දිරාපත්වීම  හේතුවෙන් ඇල මාර්ගය  අවහිර වී ජලය නිසි ලෙස ගලා යාම  නොවන බව ජනතාව පවසයි.

සාමාන්‍ය වැසි තත්වයක් හමුවේ  පවා මෙම ප්‍රදේශය ජලයෙන් යට වන බවත් ඒ සම්බන්ධව නිරන්තරයෙන් ජනතාව අදාළ බලධාරින් දැනුවත් කලද  ඊට සවන් නොදුන් බව ඔවුහු  චෝදනා කරති.

මේ වන විට කිසිදු වාහනයක් මර්ගයේ ගමනාගමනය සිදු කිරීමට නොහැක.කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබේ. ඇල දෙපස නිවාස රැසක් ද ජලයෙන් යටව වී ඇති අතර මෙම තත්ත්වය ගම්මාන කීපයකට බලපා තිබේ.

WhatsApp Group

Skip to content