ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවාව මැයි මස 13 වන දින නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මෙම මගී යාත්‍රා සේවාව “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content