නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටිමෙන් ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් 76 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පුද්ගලයෙකුයි.

අනතුරෙන් පසු ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේසිටි තවත් කන්තාවක් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට අදාළව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content