මීගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුව ගෙන තිබෙනවා.
මීගොඩ පොලිසිය සඳහන් කලේ පහර කෑමට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු බව සඳහන්.
පහර කෑමට ලක්වූ දැරිය සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර ඇති අතර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content