ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ සේවය ඇගයීම පිණිස සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සමරු මුද්දරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි.

එළඹෙන ජූනි මස 4 වන දා සවස 4 ට හරිත විශ්ව විද්‍යාලය පරිශ්‍රයේදී මෙම සමරු මුද්දරය නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබදව දැනුවත් කිරීමට අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

අදාළ සාකච්ඡාව සදහා ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන්වහන්සේ, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා, ආචාර්ය අසිත විජේසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා මෙන්ම, මග නැගුම සභාපති ශානිල් මෙන්ඩිස් මහතා ඇතුඵ පිරිස ද එක්ව සිටියා.

මේ, එහිදි අදහස් දැක්වූ ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමින්වහන්සේ.

https://www.vnews.lk/storage/2023/06/ATHKADAWAKA-HIMI-EDIT.mp3?_=1

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා.

https://www.vnews.lk/storage/2023/06/KARUNARATHNA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content