රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් බලප්රදේශ පහකට අයත් ග්රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්රකාශයට පත් කිරීමට පියවර ගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ අනුව ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් 37 ක්, වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් 30 ක්, ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්රාම නිලධාරි වසම් 02 ක්, බලංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්රාම නිලධාරි වසම් 02 ක් සහ කල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස යේ එක් 01) ග්රාම නිලධාරි වසමක් ලෙස ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ශ්රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්රදේශය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
ශ්රී ලංකා මහවැලි අධිකාරි පනත යටතේ, 1981 අප්රේල් 16 දින අංක 137 ගැසට් පත්රය මඟින් වලව මහවැලි විශේෂ බලප්රදේශය ප්රකාශයට පත් ඇත

WhatsApp Group

Skip to content