යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළඹෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.

කිහිප දෙනෙකු ඔවුන්ගේ අභිමතය පරිදි යාපනයේ අළුතෙන් මත්පැන් ශාලා තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එය ඉතා ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීමටයි මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content