පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝ වන රෝග 3 ක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

අක්ෂි රෝගයක් මෙන්ම පාචනය සහ ස්වසන අපහසුතා සහිත උණ රෝගයක් මෙලෙස ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සදහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබදව ඉතා සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

WhatsApp Group

Skip to content