අද දිනය තුළ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් පොලිස්පතිධුරයේ වැඩ බැලීම සදහා මාස තුනක කාලයක් සදහා අයෙකු පත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිව අද වනවිට සති දෙකක කාලයක් ගත වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content