නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා විශ්‍රාම ගනු ලැබුවා.

තමන් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිල වශයෙන් ඔහු දැනුම් දී තිබුණා.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදායි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගුවක් ලබා දුන්නා.

කෙසේ වෙතත් නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම අද දිනයේද ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති

WhatsApp Group

Skip to content