පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවයි.

කිසියම් පාර්ශවයකට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ නම් එය සිදුකිරීම පිළිබද තම පක්ෂයේ විරුද්ධත්වයක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/SAGARA-KARIYAWASAM.mp3?_=1

මේ අතර නව දැක්මක් සහිත නායකයෙකු රටට අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා පැවසුවේ ජනතාව සැමවිටම සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/10/RANJAN-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content