රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය විරුද්ධ වන්නේ නම් අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ විරුද්ධත්වය ඒ සඳහා පෙන්විය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පාර්ලිමෙන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමක මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සමාජාකත්වය දැරීමේ අයිතියක් තිබෙන බවත් ඔහු සදහන් කළා .

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීම සඳහා වන කමිටුවේ පත් කිරීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් විපක්ෂය පෙන්වා දිය යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා .

මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා .

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPIYTA-EDIT-.mp3?_=1

මේ අතර රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

4 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වනවා.

ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරනු ලබනවා.

ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි.

ඔහු එම කමිටුවට පත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගියදා කතානායකවරයාට සිය විරෝධය පළ කළා .

 

WhatsApp Group

Skip to content