ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සිව් දෙනෙකුගෙන් යුතු නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

එම නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන දිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් පත්කර තිබෙනවා.

එමෙන්ම ඒ සදහා හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන ද පත්කර ඇති බව සදහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන 13 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

WhatsApp Group

Skip to content