නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා ගනු ලැබුවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content