අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ කර ඇත්තේ කුමන පාලකයෙකු පත්වුවද ශ්‍රී ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සිය සුබපැතුම් එක් කරනු ලැබුවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක් කර තිබුණා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිෂු ද සුබපැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය තානාපති ඇන්ඩෲ පැටි්‍රක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ද සුබපැතුම් එක් කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුභාශිංසන එක් කරනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content