නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

එළඹෙන දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ග්‍රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට නියමිත අතර,

ඔවුන් පෙබරවාරි 04 වැනිදාට පෙර සේවයට අනුයුක්ත කරන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

එමෙන්ම, ඔහු තවදුරටත් පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු නිරාකරණයට පියවර ගන්නා බවයි.

WhatsApp Group

Skip to content