කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතයි.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

එහි පළමු අදියර යටතේ දෙසැම්බර් මස 01 වැනිදා පස්වරු 9 සිට 04 වනදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 9 සිට 11 වනදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබීමට නියමිතයි.

එසේම තුන් වන අදියර යටතේ දෙසැම්බර් 15 වනදා පස්වරු 9 සිට 18 වනදා පෙරවරු 6 දක්වා නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මෙම අවස්ථාවන්වලදී මගීන් සහ රථ වාහනවලට සිදුවිය හැකි අපහසුතා මග හරවා ගැනීමට අදාළ කාල සීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

WhatsApp Group

Skip to content