නව ක්‍රිඩා පනතක් හදුන්වාදීමට අදාළව පත්කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා.

එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසිනුයි අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ.

අදාළ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

එමෙන්ම විධිමත් කෙටුම්පතක් සකස් කර නව ක්‍රිඩා පනතක් සකස් කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙනවා.

පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සදහා  ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කළ යුතු බව අදාළ වාර්තාවේ මුලික නිර්දේශය ලෙස දැක්වෙනවා.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සහ මෙම ගැටළුය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී දැක්වූයේ මෙවන් අදහසක්.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content