නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා .

දැනට පවතින අවුරුදු 05 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා.

එම අවස්ථාවට එක්වෙමිනුයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

https://www.vnews.lk/storage/2023/07/MANUSHA-NANAYAKKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content