රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමිනි.

WhatsApp Group

Skip to content