ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව අමාත්‍ය මණ්ඩලය අද දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි මහතා කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ පවතින බවයි.

එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා .

ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන තිදෙනෙකු සිටින අතර මේ වනවිට අමාත්‍යවරුන් වශයෙන් ඔවුන්ව පත් කොට අමාත්‍යංශ සියල්ලම ඔවුන් වෙත බෙදාහැරීමට තීරණය කර ඇති බවද සදහන්.

කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේදී විසුරුවා හරින බව එම පක්ෂයේ දේශපාලන ආරාංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content