නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය සදහා පියවර ගන්නා බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.

අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා දේශීය හා විදේශිය අනුග්‍රාහක පාර්ශවයන්ගේ සහය ලබා ගන්නා බවයි.

එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.

WhatsApp Group

Skip to content