නව අධ්යාපනයේ පරිවර්තනීය වෙනසට අදාළ ප්රතිපත්ති රාමුවේ අධ්යාපන අමාත්යාංශයට අදාළ ඉදිරි දිශානතිය සකස් කිරිමේ තෙදින වැඩමුළුව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රධානත්වයෙන්, පසුගියදා පැවැත්විණි.
මේ සඳහා අධ්යාපන අමාත්යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , අමාත්ය උපදේශක ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්යාපන අමාත්යාංශයේ සාමාන්ය අධ්යාපන , උසස් අධ්යාපන, වෘත්තීය හා නිපුණතා සංවර්ධන අධ්යාපන, විද්යා, තාක්ෂණ හා නවෝත්පාදන යන අංශයන්හි උසස් නිලධාරින් සහ ජාතික අධ්යාපන ආයතනය, ජාතික අධ්යාපන කොමිසන් සභාව, විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව, ශ්රි ලංකා විභාග දෙපාර්තුමේන්තුව , අධ්යාපන ප්රකාශන දෙපාර්තුමේන්තුව ,තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිසන් සභාව යන ආයතනයන්හි උසස් නිලධාරින්ද එක්ව සිටියහ.
මෙම වැඩමුඵව අධ්යාපන අමාත්යාංශයේ ප්රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන අංශය සහ අධ්යාපන ප්රතිසංස්කරන අංශය විසින් සංවිධානය කරන ලදී.

WhatsApp Group

Skip to content