සිය නිවෙස් වල නවතා දමා ඇති නවීනතම මෝටර් රථ වල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ) , රාත්‍රී කාළයේ එම නිවෙස් වෙත පැමිණ , ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු , ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමග  09/05 දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත අඩංගුවට ගෙන තිබේ .
 මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි . මොහු කළක් මෝටර් රථ ගරාජයක සේවය කළ මෝටර් රථ කාර්මිකයෙකි .
 අනෙක් පුද්ගලයා කිරිල්ලවල , වෑබඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකි .
මොවුන් දෙදෙනා කටාන , කොච්චිකඩේ , කටුනායක , ගනේමුල්ල සහ පෑලියගොඩ යන ප්‍රදේශ වල නිවෙස් වල නවතා ඇති නවීනතම මෝටර් රථ ගරාජ වෙත රාත්‍රී 12.00 න් පසුව ඇතුළු වී , ඒවායේ ඉදිරි පස ප්‍රධාන ලාම්පු පමණක් ගලවා ගෙන ගොස් කොළඹ , පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි සැළ් වෙත අලෙවි කිරීම සිදු කර ගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

WhatsApp Group

Skip to content