නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකර ගෙන තිබෙනවා.

ඊයේ පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව තිබෙනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන ඇති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content