නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ජර්සි වෙන්දේසියක් සූදානම් කර තිබෙනවා.

ඒ ගේබි්‍රයල් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ලකුණකින් ජයග්‍රහණය කළ දෙවනි ටෙස්ට් තරගය වන එංගලන්ත – නවසීලන්ත තරගයේදී ක්‍රීඩකයින් භාවිතා කළ ජර්සි ක්‍රීඩකයින්ගේ අත්සන සහිතව වෙන්දේසි කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය, නවසීලන්ත රතු කුරුස ආයතනය, නවසීලන්තයේ ප්‍රධාන බැංකු එක් වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content