සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද සමත් වුණා.

කාසියේ වාසිය දිනු නවසිලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 141 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 37 යි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 35යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 146 ක් ලබා තරගය ජයගත්තා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

මේ අද පැවති තරගයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා.

https://www.vnews.lk/storage/2023/04/DANANJAYA-DE-SILWA-EDIT-.mp3?_=1

දෙරට අතර තීරණාත්මක තුන්වන විස්සයි විස්ස තරගය ලබන අට වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතරයි. තරගය රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 6කින් ජය ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

WhatsApp Group

Skip to content