කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ පැවති දෙවන අවසන් පුර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 08කින් පරාජයට පත්කරමින්.

සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 128ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 120ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දකුණු අප්‍රිකාණු කාන්තා කණ්ඩායම සමගින් ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content