නවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග්‍ රොක්  ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ලෝක යෝග්‍යතා සම්මේලනයේ මෙහෙය වීමෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත් 10/05 දින මෙම තරගාවලිය පවත්වා තිබුණි .
 මෙම තරගාවලියේ දී සාරා වෙරළවිතාන ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග කර එහි ශූරතා දිනා ගැනීමට සමත් වී සිටියාය .
මෙම ශූරතා දිනා ගත් සාරා වෙරළවිතාන 10/25 දින පස්වරු 04.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .

WhatsApp Group

Skip to content