නවගමුව  කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී අද උදැසන මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content