මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519 ක පිරිසකට අද පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා .

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ .

ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතයි .

මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000 ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද , හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content