නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හෙද සේවාව සඳහා ද ඉදිරි මාසයේදී 2,200 ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි.

නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වන දා වන විට සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබා දෙන බවත් පසුගිය සති කිහිපය තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 222 කට අලුතින් පත්වීම් ලබා දුන් බවත් ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු ප්‍රකාශ කර සිටියේ කැඩී ඇති මැෂින් සකස් කිරීමට බිලියන 4ක් වෙන්කර ඇති අතර ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් සුබවාදි බලාපොරොත්තු තබාගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙමින් පවතින බවයි.

අනිද්දා දිනයේ සිට සියයට 16 කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර සෑම මාස 03 කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content