යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන සමය තුළ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

යාපනයේ කාන්තාවන් ජාවාරමක් ලෙස ළමුන් රැගෙන් විත් හිඟමන් යැදීමේ නිරත වීම හේතුවෙන් යාපනය දිසාපතිවරයා සහ කෝවිලේ භාරකාර මණ්ඩලය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ වන විට යාපනය පොලිසියට එම තීරණය දැණුම් දී ඇති අතර කුඩා දරුවන් ළග තබා ගෙන සිඟමන් යදින පිරිස් සහ කෝවිල තුළ සිගමන් යදින පිරිස් ද අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content