නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.
පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් මෙහිදී පැවසුවේ මෙම මාළු සැමන් සෑදීම සඳහා යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

WhatsApp Group

Skip to content