නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ජනවාරි 2 වන දා දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

මේ අතර අද පෙරවරු 7.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර තිබුණා.

එමෙන්ම හෙට පෙරවරු 7.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුවට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/12/IDIPOLAGE-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content