නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාති පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පක්ෂ කාර්යාලයට ගල්මුල්වලින් පහර දෙමින් එය ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ කාර්යාලයේ පිටතින් නවතා තිබුණු වාහනවලටද ගිනි තබා තිබෙනවා.

නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා සිටියා.

නජයිජර් රාජ්‍යයේ දේශසීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ බවටයි එරට හමුදාව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content