තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය පැයට කිලෝමීටර් 60ත් 65 ත් අතර අගයක් ගන්නා බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content